Dogtooth (2009) Sinhala Subtitle | බලු දත

dogtooth-2009-sinhala-subtitle

බලු දත තාම වැටුනෙ නැත්ද? අද මම ගෙනාවෙ ග්‍රීක් ෆිල්ම් එකක්, ග්‍රීක් කියපුවම නිකන් දෙයක් තේරෙන්නෙ නැති වුනාමත් ග්‍රීක් වගේ කියල අපි පුරුද්දට කියනවනෙ. හැබැයි ඒ කතාව ටිකක් විතර මේ ෆිල්ම් එකටත් අදාලයි. බැලූ බැල්මට මොකක්ද මේ වෙන්නෙ කියල ටිකක් හිතා ගන්න අමාරුයි මේ ෆිල්ම් එකෙත්. මේ ෆිල්ම් එකේ මතුපිට අදහසට වඩා ගැඹුරු යටිපෙලක් තියෙනව, ඒ නිසා තමයි බැලූ ඇල්මට සමහරුන්ට ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්නෙ. ඒත් මේක බැලිය යුතුම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක 2009 තමයි නිකුත් වෙලා තියෙන්නෙ, Yorgos Lanthimos කියන ග්‍රීක් සිනමාකරුවාගේ නිර්මාණයක්. මේ ෆිල්ම් එකට ගොඩක් සම්මානත් හම්බවෙලා තියෙනව.

ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කලොත්, මේ කතාව ගොඩනැගිල තියෙන්නෙ පවුලක් වටා, ඒ පවුලෙ, අම්මයි තාත්තයි, තව ළමයි තුන්දෙනෙකුත් ඉන්නව, මේ ළමයි තරුණ වයසෙ ඉන්න අය. වැඩිමහමල් දුව, පුතා සහ බාල දුව. මේ ගොල්ලො ජීවත් වෙන්නෙ හුදකලා ප්‍රදේශයක, විශාල තාප්පයකින් වට වුන නිවසක. මේ ගෙදර තාත්ත ටිකක් වස කෙනෙක්, ඒ වගේම එයා ළමයින්ට ආදරෙයිත්. එයා ඒ නිසා ළමයින්ට අධ්‍යාපන ලබා දෙන්නෙත් ගෙදරම, home schooling විදිහට. ඒ වගේම එයා ළමයින්ට අවශ්‍ය සියලු සැප පහසුකමක්මත් ලබා දෙනව. අම්ම නම්, තාත්ත තරම්ම වස නෑ, ඒත් අම්මටත් තාත්තගෙ වචනෙට පිටින් වැඩ කරන්න අමාරුයි. අම්මත් ගොඩක් වෙලාවට කරන්නෙ තාත්ත කියන දේවල්. මේ ළමයින්ට එයාල ජීවත්වෙන පරිසරයෙන් එලියට යන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති තරම්. ගෙදර සහ වත්තෙ තමයි එයාලගෙ ජීවිතය වැඩිපුර ගත කරන්නෙ. ෆිල්ම් එක ගැනම මම දැනට කියෞ දේවල් එක්ක ඔයාලට හිතෙන්න පුලුවන් මේක සාමාන්‍ය පවුලක කතාවක්, කිසි වෙනසක් නෑ වගේ. ඒත් මේ පවුල ඇතුලෙ ගොඩක් අමුතු දේවල් සිද්ද වෙනව. ඒව හරිම ගුප්ත සහ විකෘති දේවල්.ඒව මොනාද කියල දැන ගන්න ඕන නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනව. එතනින් එහාට කතාව ස්පොයිල් කරන්න යන්නෙ නෑ මම.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ, Angeliki Papoulia (වැඩිමහල් දුව), Christos Passalis (පුතා), Mary Tsoni (බාල දුව), Christos Stergioglou (තාත්ත) සහ Michele Valley (අම්ම). තවත් සෙසු චරිත ගොඩකුත් මේ ෆිල්ම් එකේ රඟපානව. IMDb එකේ 7.2ක අගයක් ලැබිල තියෙනව මේ ෆිල්ම් එකට තව Rotten Tomatoes වල 76% ලැබිල තියෙනව. ඩොලර් මිලියන 1.4ක බොක්ස් ඔෆිස් අගයකුත් ෆිල්ම් එකට ලැබිල තියෙනව. මේ ෆිල්ම් එකේ ගැඹුරු, සමාජීය දේශපාලෛක කතිකාවතක් ගොඩනගන්න උත්සාහ කරල තියෙනෙව. ටිකක් වැඩිපුර ලිංගික දර්ශන එහෙමත් මේ ෆිල්ම් එකේ තියෙනව. ඒ නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක්. ෆිල්ම් එක බලන්න කියල හැමෝටම යෝජනා කරනව. මේ ෆිල්ම් එකේ යටිපෙළ ඔයාල කොහොමද කියව ගත්තෙ කියලත්, අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ජය!


Post a Comment

Previous Post Next Post