සුන්දර හොරාගේ, හොර අඹුව. අද මම ගෙනාවෙ, ඉංග්‍රීසි නොවන තවත් අපූරු චිත්‍රපටයක්. දකුණු කොරියානු විශිෂ්ට නිර්මාණකරුවෙකු වන කිම් කි ඩුක් ගේ සම්මානනීය චිත්‍රපටයක් තමයි 3-Iron කියන්නෙ. අන්තර්ජාතික සිනමා උළෙලවල් කීපයකම සම්මානයට පාත්‍ර වුන මේ ෆිල්ම් එක තරමක් වෙනස් එකක්. බැලූ බැල්මට කිම් කි ඩුක් ගේ බොහෝ ෆිල්ම් කළාත්මක ශානරයට අයත් ඒවා. ඒ නිසාම වෙන්න ඇති ගොඩක් අයට ඒක ටිකක් තේරුම් ගැනීමට අපහසු වෙන්නෙත් නමුත් ඔහුගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයාගේ පරිකල්පණය දියුණු කරන අතර සිනමාවේ විවිධ අරුත් කියවීමට ඔබව උනන්දු කරනවා නිසැකයි. අවාසනාවන්ත ලෙස 2020 වර්ෂයේ, කොරෝණා ආසාදිතව ඔහු ජීවිතයෙන් සමු ගත්තා. තවත් දෙයක් තමයි ඔහුගේ බොහෝ නිර්මාණ වල ගැඹුරු මාතෘකා සම්බන්ධව කතා කිරීමේදී ලස්සන රූපක, සංකේත යොදා ගැනීම.
දැන් අපි මේ කතාව ගැන ටිකක් විපරම් කලොත්, මේකෙ කතා නායකය, ටී-සුක් කියන සුන්දර හොරා (සුන්දර හොරා කියන්නෙ ඇයි කියල ෆිල්ම් එක බැලුවහම තේරෙයි) එක්තරා ගෙදරකට හොරෙන් කඩා වැදුනට පස්සෙ, ඒ ගෙදර හිටිය විවාහක කාන්තාවක් එක්ක ඇතිවෙන සම්බන්ධයක් නිසා මුහුණ දෙන්න වෙන සිදුවීම ගොඩක් ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. ඒ වුනාට මේක සරළ ආදර කතාවක් නෙමෙයි. ඒක ඔයාලට ෆිල්ම් එක බලපුවහම තේරෙයි. තව දෙයක් තමයි, ඇයි මේ ෆිල්ම් නම 3-Iron කියල නම දාල තියෙන්නෙ? 3-Iron, කියන්නෙ ගොල්ෆ් ගහන්න පාවිච්චි කරන පිති වර්ගයක්. කතාව ටිකක් spoil වෙන දෙයකුත් ඔය අතරෙම කියන්නම්, හැබැයි එහෙම කියල ලොකුවටම spoil වෙන එකකුත් නෑ. සමහර වෙලාවට අපි ෆිල්ම් එකක් බලද්දි, පොඩි හරි පසුබිම් අධ්‍යනයක් තිබුනොත් ඒ ෆිල්ම් එක සම්බන්ධව, ඉතා ඉක්මනින් අපිට ඒ ෆිල්ම් එකේ තියෙන ගැඹුරු අර්ථයන් ග්‍රහණය කර ගන්න පුලුවන්, 3-Iron එහෙමත් නැත්නම් ගොල්ග් ක්‍රීඩාවට භාවිතා කරන පිත්තෙන් සංකේතවත් කරන්නෙ, බලය, ධනය, ආධිපත්‍ය වගේ දෙයක්. මේ ෆිල්ම් එකේ තේමාවට ඒකෙ යම් සම්බන්ධයක් තියෙනව. හොරාගේ අවසාන බලාපොරොත්තුවත් බලය, ආධිපත්‍ය තියෙන කෙනෙක් වෙන්නද? එතනින් එහාට මොකුත් කියන්නෙ නෑ, මොකද ෆිල්ම් එකේ රසවින්දනයට බාධා වෙන නිසා.
මේ ෆිල්ම් එක Box office: 3.4 million USD උපයා ගත්තු ෆිල්ම් එකක්, මීට අමතරව IMDb 7.9 සහ රොටන් ටොමෑටෝස් හි 87% ක රේටින් අරන් තියෙනව. මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ, Jae Hee, Lee Seung-yeon, Kwon Hyuk-Ho සහ PARK Ji-ah යන නළු නිලියන්. තව විශේෂ දෙයක් තමයි මේ ෆිල්ම් එකේ, ඇනෙක් ෆිල්ම් වලට සාපේක්ෂව දෙබස් අඩුයි, ඒකෙත් විශේෂම දෙය තමයි, ප්‍රධාන නළුව සහ නිලිය අතර දෙබස් නැති එක. තවත් දේවල් කියන්න ගියොත් කුතුහලය නැති වෙනව, ඒ නිසා ෆිල්ම් එක බලන්න කියල ඔයාලට ආරාධනා කරනව. ඔයාලගෙ අදහසුත් පහලින් comment එකක් දාගෙන යන්න. ෆිල්ම් එක සම්බන්ධව ඔයාලගෙ කියවීමත් අපි දැන ගන්න ආසයි. එහෙනම් ජය!