99 Moons (2022) Sinhala Subtitle | කාමාතුරයාට නොදෙවෙනි මහාචාර්‍යවරිය


කාමාතුරයාට නොදෙවෙනි වූ, මහාචාර්‍යවරිය/විද්‍යාඥ්ඥවරිය. අද මම ඔයාලට අරගෙන ආවෙ තවත් ඉංග්‍රීසි නොවන ෆිල්ම් එකක් හැබැයි මේකෙ ඉංග්‍රීසි භාෂාවත් තැනින් තැන පාවිච්චි වෙනව. මේක ජර්මන් ෆිල්ම් එකක්. ආදරයේ විවිධ මානයන් ගැන හොයන අයට ගැලපෙන ෆිල්ම් එකක් මේක. ශුංගාරය හා සමගම ජීවිතය දකින්න කැමති අයට ගැලපෙන ෆිල්ම් එකක්. ජර්මන් ෆිල්ම් එකක් වුනාට මේ ෆිල්ම් එකේ දෙබස් භාෂා කීපයකින් තැනිනින් තැන තියෙනව, ඒ තමයි, ජර්මන්, ස්විස් සහ ඉංග්‍රීසි භාෂා. Jan Gassmann තමයි මේකෙ අධ්‍යක්ෂණය සහ කතාව ලියල තියෙන්නෙ. ඔහු ස්විස් ජාතිකයෙක්, වැඩිපුරම ඔහු ප්‍රසිද්ධ වෙන්නෙ Documentary ෆිල්ම්ස් නිර්මාණකරුවෙක් විදිහට. ඔහු විසින් නිර්මාණය කරන ලද "Chrigu" කියන Documentary ෆිල්ම් එකට, Berlin International Film Festival එකේ ජූරියේ සම්මාන පවා හිමි වෙලා තියෙනව. මීට අමතරව තවත් අන්තර්ජාතික සිනමා උළෙලවල් රාශියක් නියෝජනය කරල තියෙනව ඔහුගේ සිනමා නිරර්මාණ.

"ආදරය" කියන්නෙ එක්තරා විදිහකට කිව්වොත් ආසාවක්, ආසාව නැති වුනාම ආදරයත් දැනෙන්නෙ නැති වෙන්න පුලුවන්. අපේ ආසාවන් තවකෙනෙක් තුලින් ඉෂ්ට කර ගන්න දරන උත්සාහයත් ආදරයේ එක පැත්තක්. ආදරය වෙලාවකට අපිව අසරණ කරනව, කලින් නොකරපු දේවල් පවා කරන්න පොලඹවන මට්ටමටම, මේ කතාවෙත් ඉන්න චරිත දෙක ගත්තහමත්, තමුන් හිතපුවත් නැති විදිහෙ විවිධ අත්දැකීම් ගොඩකට මුහුණ දෙනව ආදරය නිසා, ඔවුන් කලින් ඔවුන් ගැන හිතාගෙන හිටපු විදිහට නෙමෙයි ඇත්තටම දෙන්නා මුණගැහුනට පස්සෙ ඇතිවෙන, ජෛව රසායණය වැඩ කරන්නෙ. බිග්නා කියන්නෙ විසි අට හැවිරිදි විද්‍යාඥ්ඥවරියක්. එයා තරමක් සං‍යමයෙන් තමුන්ගෙ හැඟීම් ආසාවන් පාලනය කරගෙන ඉන්න කෙනෙක්. හැබැයි එයා සෙක්ස් වලට ගොඩක් කැමති කෙනෙක් නමුත් serious relationshps වලට කැමති කෙනෙක් නෙමෙයි. එයාට ඕන casual විදිහට එයාගෙ ලිංගික ආසාවන් ඉෂ්ට කර ගන්න. එතනදි එයාට ඒ කෙනාව එච්චරම අදාල නෑ. සමහර විට ඒ දේ ඉෂ්ට වුනාට පස්සෙ, එයාට අනිත් කෙනාගෙන් වැඩකුත් නෑ. ඔය අතර තුර එයාට අහම්බෙන් මුනගැහෙනව ෆ්‍රෑන්ක් කියන තිස් තුන් හැවිරිදි මනුස්සයව. මෙයා ටිකක් විකාර අදහස් තියෙන මත්ද්‍රව්‍ය සහ විවිධ කාමුක දේවල් වලට ඇබ්බැහි වුන කෙනෙක්. අවිදිමත් චරිතයක්, බිග්නාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මේ දෙන්නගෙ හමුවීම එක්ක එයාලගෙ ජීවිත වලට මොනව සිද්ධ වෙයි ද? ඒ ඇතිවෙන පරිවර්තනය ගැන තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ, Valentina Di Pace සහ Dominik Fellmann. මේ ෆිල්ම් එකේ ලිංගික දර්ශන ගොඩක් තියෙනව. ඒ වගේම ගැඹුරු කතා තේමාවකුත් තියෙනව. ශුංගාරාත්මක දර්ශන සහිත මේ ෆිල්ම් එක, වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක්. එහෙනම් ෆිල්ම් එක බලල, ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ෆිල්ම් එක ගැන ඔයාලගෙ කියවීමත් අපි දැන ගන්න කැමතියි. ජය!


Post a Comment

Previous Post Next Post